බෙන්තොට වනවාස රජමහා විහාරය

බෙන්තොට වනවාස රජමහා විහාරය

උඩකොටුව රජමහා විහාරය පසුකොට රවුම් පාරේ කිලෝමීටරයක් ගියවිට යාත්‍රාමුල්ල මන්සංදිය හමුවන අතර, එම හංදියෙන් වමට හැරී මීටර් සීයයක් පමණ ගිය විට වනවාස රංජහා විහාරයට පිවිසීමට හැකිය. සිත් ඇඳ බැඳ ගන්නා මනස්කාන්ත පරිසරයක පිහිටි මෙම රජමහා විහාරය කඳු ගැටයක් මත ඉදිකර ඇත. මෙම විහාරය ඉතා විසිතුරු චිත්‍ර පන්තීන්ගෙන් අලංකෘත වූ බිතු සිතුම් වලින් සෝභමානය. විහාර මහා දේවීයගේ සහ දුටුගැමුණු රජු වැනි රාජ්‍ය නායකයින්ගේ සහ නායක ස්වාමීන වහන්සේලාගේ පිළි රූ දැක ගත හැක.
ඈත ඉතිහාසයකට උරුමකම් කියන රජමහා විහාරයක් වන මෙය දේවානම්පියතිස්ස රජ දවස හෝ ඊට සමීප කාලයක බෞද්ධ නරපතීන් විසින් කරවන ලද විහාරයකැයි පැරණි පොත පතෙහි සඳහන් වේ. එමෙන්ම කෝට්ටේ යුගයේ රචිත බොහෝමයක් සඳෙස් කාව්‍යක ම පාහේ වනවාස රජමහා විහාරය පිළිබඳ අලංකාර වැනුම් සහිත කවි දැක ගත හැකිය. රහතන් වහන්සේලා වැඩ විසූහයි සැලකෙන මෙම විහාරයේ ඇති ඓතිහාසික වටිනාකම ද අතිමහත්ය.

May 30th, 2023