සුන්දර බෙන්තොට පුරවරයේ සංස්කෘතික හා ආගමික අභිමානයේ සංකේතයක් ලෙස පංච මහා විහාරයන් හඳුන්වා දිය හැක. අතීත රජ දවස දක්වා මෙහි ඉතිහාසය දිවෙන අතර විශේෂයෙන්ම දේවානම් පියතිස්ස රජු සමයේ මෙම විහාරයන්ගේ ආරම්භය සිදු වී ඇතැයි පොත පතෙහි සඳන් වේ. උඩුකොටුව බෝධි සමීප බෙම්තොට රජමහා විහාරය, බෙම්තොට වනවාස රජමහා විහාරය, බෙම්තොට බෝධිමළුව රජමහා විහාරය, බෙම්තොට ගලපාත රජමහා විහාරය හා බෙම්තොට ගනේ පුරාණ රජමහා විහාරය එම පංච මහා විහාරයන්ය. පංච මහා විහාරයන් එකිනෙක යා කරමින් විශාල උමං මාර්ගයක් තිබූ බවට සාක්ෂි ඇත. වරතමානයෙහි ද එහි කොටස් දැක ගත හැක.
අතීතයේ මෙකී ප්‍රදේශීය බෙම්තොට ලෙස හැඳින් වූවත් වර්තමානයේ බෙන්තොට ලෙස ව්‍යවහාර වේ.
බෙන්තොට පුරයේ පංච රාජ මහා විහාරයන්
May 30th, 2023