බෝධිමළුව විහාරය සපුකරමින් රවුම්පාර ඔස්සේ තවත් මද දුරක් ගිය තැන හුංගන්තොට ග්‍රාමනිලධාරී වසම හමුවන අතර, ප්‍රධාන මාර්ගයේ සිට එහි වම් පසට වන්නට පිහිටි අතුරු මාර්ගයකි. එහි මද දුරක් යන විට ගල් තලාවක් මස්තකයේ බැබළෙන බෙම්තොට ගලපාත රජමහා විහාරය දර්ශනය වේ. එහි පසක රජකල ඉදිකර නෙළුම් පොකුණකි. ගල්තලාවේ පියගැට පෙල තරණය කරන විට දකුණු පසින් සෙල් ලිපියක් දැක ගැනීමට හැකි අතර එමඟින් බෙන්තොට පුරවරය හා පැවැති රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් පැහැදිලි කරන්නේය.
මෙම විහාරස්ථානයේ ආරම්භක කාලය අවිනිශ්චිත වුවත් අනෙකුත් රජමහා විහාර බිහි වූ කාලයට සමාන්තර කාලයක බිහිවන්නට ඇතැයි සිතිය හැකිය. මන්ද එහි ඇති පුරාණ නටබුන් හා වනවාස විහාර වංශ කතාවේ ද බෙන්තොට ගලපාත රජමහා විහාරය පිළිබඳ සඳහන් වන බැවින්.
ගෞතම බුද්ධ ශාසනයේ ධූතාංගධාරී භික්ෂූන් වහන්සේලා අතුරින් අගතැන් පත් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ දන්ත ධාතූන් වහන්සේ නමක් මෙහි වැඩ සිටින අතර එය දුටුගැමුණු රජ දවස ඔහුගේ සහෝදර දේවානම්පියතිස්ස උතුමාණන් විසින් රහතන් වහන්සේලා සමඟින් මෙහි වඩම්මවා තැන්පත් කර ඇති බව සඳහන් වේ. මෙම ධාතූන් වහන්සේ දඹදිවින් මෙරටට වඩම්මවා ඇත්තේ එකල රහතන් වහන්සේලා බව කියවේ. එමෙන්ම මෙහි ඇති ගල් උළුවස්ස ඉතා විශිෂ්ඨ ගනයේ නිර්මාණයක් බව නෙත් ගැටෙන සැමට සත්සුදක් වේ.
බෙන්තොට පුරවරයේ අභිමානය විදහා දක්වමින් වාර්ෂිකව උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයේ මහත් හරසරින් පවත්වන කාශ්‍යප දළදා පෙරහැර ප්‍රදේශයේ සංස්කෘතික හා ෙඓතිහාසික වටිනාකම මනාව විදහා දක්වයි. තවද දෙවන පරාක්‍රමබාහු රජතුමා කාශ්‍යප දළදා වහන්සේ උදෙසා පූජෝපහාර සිදු කර ඇති බව මුලාශ්රවල සඳහන් වේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමද ලද ස්ථානයක් ලෙස බෙම්තොට ගලපාත රජමහා විහාරය හඳුන්වා දිය හැක.
බෙන්තොට ගලපාත රජමහා විහාරය
May 30th, 2023