බෙන්තොට වෙරළේ සුන්දරත්වය විදීමට හැකි සේම බෙන්තොට වෙරළ තීරය ජල ක්රීඩා ලෝලීන් සඳහා කදිම ස්ථානයකි. ඔවුනට Snorkeling , Scuba-diving, jet skiing, wind-surfing, water-skiing ක්රයාකාරකම් රැසක නිරත වීමට හැකියාව පවතී. ඒ හරහා මහත් ආශ්වාදයක් ලබා ගැනීමට හැකිය. එමෙන්ම ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමටත්, නොගැඹුරු මුහුදේ පිහිනීමටත් හැකියාව පවතී. කෙසේ වෙතත් අනතුරුදායක ස්ථානවල රතු කොඩි දමා තිබීමත්, ජීවිත ආරක්ෂක කණ්ඩායම් සිටීමත් නිසා එහි පැමිණෙන්නගේ ආරක්ෂාව තහවුරු වී ඇත.
බෙන්තොට මුහුදු වෙරළේ ක්රියාකාරකම්
June 27th, 2023