බෙන්තොට ගඟේ සංචාරයක් සහ ජල ක්‍රිඩා

බෙන්තොට ගඟේ සංචාරයක් සහ ජල ක්‍රිඩා

බස්නාහිර පළාතත් හා දකුණු පළාතත් වෙන් කරමින් මුහුදට වැටෙන හිනිදුම කඳු වැටියෙන් පටන් ගන්නා බෙන්තර ගඟ ඉතා අලංකාර පරිසරයකට උරුමකම් කියනු ඇත. හිනිදුම කඳු වැටියෙන් ආරම්භ වී කුඩා දොළ පහරක් සේ ගල්පර්වත අතරින් ගලා බස්නා මේ නදිය විශාල ගඟාවක් වී කළුවම්මෝදරින් මුහුදට එක් වේ. පැලවත්ත ගඟ, පිටිගල ගඟ, වැලිපැන්න ගඟ ආදි ජලයෙන් පෝෂිත අතු ගංගා රැසක් ද එයට එක් වීම මඟින් ගංඟාව තවත් පෝෂණය වේ.
බෙන්තොට සංචාරක පුරවරයක් වීම කෙරෙහි බෙන්තොට වෙරළ තීරය මෙන්ම බෙන්තොට ගංඟද හේතුවක් වේ. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය නොමදව බෙන්තොටට ලැබෙනුයේ මේ නිසාවෙනි. බොහෝ සංචාරකයින් බෙන්තොට ගඟ දිගෙහි යාත්ත්‍රා (Boat) මඟින් ගමන් කිරීමට ප්‍රියතාවයක් දක්වයි. එමඟින් ඔවුනට මනස්කාන්ත පරිපර පද්ධතියක සුන්දරත්වය විද ගැනීමට හැකි අතර, සුන්දර අත්දැකීම් විඳ ගැනීමට ද හැකිය. බෙන්තොට ගඟෙහි ජල ක්‍රඩා කිරීම සඳහා බොහෝ දෙස් විදෙස් සංචාරකයින් ප්‍රිය තාවයක් දක්වයි. ඒ අතර jet ski ride සඳහා ඇත්තේ විශාල ජනප්‍රියත්වයකි. පිහිණුම් කටයුතු, රුවල් පැදීම මෙන්ම මසුන් ඇල්මේ කටයුතුද මෙහි සිදූ කෙරේ. බෙන්තොට සංචාරය කරන සෑම අයෙකුටම බෙන්තොට ගඟෙහි සුන්දර්ත්වය විදින ගමන් ත්‍රාසජනක අද්දැකීම් ලබා ගැනීමේ හැකියාව ඇත.

 

June 27th, 2023