බෙන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම උදෙසා මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ. මේ යටතේ ඩෙංගු වැනි රෝග ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ප්‍රදේශයේ පොලීසිය සහ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල නිලධාරීන් ඇතුලු සියලු අංශ සම්බන්ධීකරණය කර ගනිමින් මහජනතාව දැනුවත් කිරීම්, නිවෙස් පරීක්ෂාවන් හා ශ්‍රමදාන වැඩසටහන් පැවැත්වීම සිදු කරයි.