මහජන සෞඛ්‍ය සනීපාරක්ෂාවට අදාළ කාර්යයන්

මහජන සෞඛ්‍ය සනීපාරක්ෂාවට අදාළ කාර්යයන්

අප මහජන මිත්‍රශීලි පළාත් පාලන ආයතනයක් ලෙස බලප්‍රදේශයේ භෞතික සම්පත් සංවර්ධනයට පමණක් සීමා නොවෙමු. සියළු ආන්තික ජනකොටස් අත්නොහැර සරණක් අවැසි සැමට ශක්තියක් වීම අපේ අපේක්ෂාවයි. බලප්‍රදේශයේ සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් නොමැති , අඩු ආදායම් ලාභී සහ විශේෂ අවශ්‍යතා සහිත සාමාජිකයන් සිටින පවුල් සදහා ප්‍රාදේශීය සභා අරමුදලින් වැසිකිළි ඉදිකිරිම සඳහා ද්‍රව්‍යමය ආධාර ලබා දීම ප්‍රාදේශීය සභාව මගින් සිදුවිය.