බෙන්තොට නගර සංවර්ධනය සඳහා මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති නගර සංවර්ධන සැලස්මක් සකස් කිරීමේ කටයුතු 2026.02.25 දින ආරම්භ කරන ලදී.
ඊට අදාලව පවත්වනු ලැබූ සමාරම්භක හා පර්ශවකරුවන්ගේ පළමු රැස්වීම බෙන්තොට AIDA හෝටලයේදී නාගරික සංවර්ධන අධිකාරියේ කැඳවීමෙන් බෙන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති තුමාගේ ඉල්ලීම හා අනුග්‍රහයෙන් යුතුව සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍ර නිශාන්ත පෙරේරා මැතිතුමා, කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්රීනී හසාරා ලියනගේ මැතිතුමිය, බෙන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රේමකුමාර විජේවර්ධන , උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශිය සභාවේ ලේකම් ඇතුළු දේශපාලන අධිකාරියද, බෙන්තොට ප්‍රාදේශිය ලේකම් තුමා ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද එක් විය.


