ජනතාවගේ සහ කාර්ය මණ්ඩලයේ පහසුව උදෙසා මෙන්ම කාර්යක්ෂම ජනතා සේවයක් ලබාදීම වෙනුවෙන් නවීකරණය කරන ලද බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය 2025.12.23 දින ජනතා අයිතියට පත් කරන ලදී. මෙහි සමාරම්භක උත්සව අවස්ථාවට
ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ප්‍රේමකුමාර විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරාධනයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මැතිතුමා,ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිෂාන්ත පෙරේරා මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මැතිතුමා, දකුණු පලාත් පළාත් පාලන කොමසාරිස්තුමිය, ගාල්ල දිස්ත්‍රික් සහකාර කොමසාරිස් තුමිය, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ලේකම්තුමා, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු සභාපතිවරු, හිටපු ගරු මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
නවීකරණය කරන ලද බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීම.


