දරු දැරියන්ගේ සුභ සිද්ධිය පතා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ කුඩා ඌරගහ පෙර පාසල ඉදිකිරීම සඳහා අද දින වටිනා ඉඩමක් පරිත්‍යාග කළ
අයි.ඩී.ප්‍රේමරත්න මහතාට සහ
ඉන්ද්‍රලතා හේවාවිතාරණ මහත්මියට,
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයේත්, ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේත් හෘදයාංගම ස්තුතිය පුද කර සිටින අතර,
ඔබ දෙපළ ඇතුළු පවුලේ සැමට දීර්ඝායු සුවය ප්‍රාර්ථනා කර සිටිනෙමු.
(– කුඩා ඌරගහ දරු දැරියන් ගේ පෙර පාසල පවත්වාගෙන යාම සඳහා නියමිත ස්ථානයක් නොමැති වීම නිසා වසර පනහක් පමණ කාලයක් තිස්සේ කුඩා ඌරගහ විහාරස්ථානයේ එය පවත්වාගෙන යාමට දෙමාපියන් ට සිදුවිය .
මෙම ගැටළුවට පිළිතුරක් සෙවූ කුඩා ඌරගහ නන්දන පුෂ්පකුමාර මහතාගේ මැදිහත්වීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී තිලක් උපුල් චමින්ද මහතාගේ ඉල්ලීම පරිදි ඌරගස්මන්හන්දිය අඹගහ හන්දියේ ව්‍යාපාරික අයි.ඩී.ප්‍රේමරත්න මහතා විසින් තම පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ හතක් වැයකර ඉඩම් කොටසක් මිලට ගෙන ප්ර්රාදේශීය සභාව වෙත පරිත්‍යාග කිරීමට කටයුතු කෙරිණි .
බල ප්‍රදේශයේ පදිංචි අයකුත් නොවන ප්‍රේමරත්න මහතා කරන මෙම පරිත්‍යාගය ඉතාම අගය කළ යුතු බවත් ලක්ෂ විස්සක පමණ පර්චස් 29 ක ඉඩම පෙර පාසල ඉදිකිරීමට ලබාදෙන නිසා ලක්ෂ හතකට මුදලකට ලබාදීම වෙනුවෙන් කඩවත පදිංචි ඉන්ද්‍රලතා හේවාවිතාරණ මහත්මිය විශාල පරිත්‍යාගයක් සිදුකල බවත් අද දින සභාවට ඓතිහාසික දවසක් බවත් මෙම පරිත්‍යාගය නිසා බෙන්තොට ප්ර්රාදේශීය සභාවට තිබූ විශාල ගැටලුවක් අද විසඳුනු බවත් මෙම අවස්ථාවට සහභාගි වූ පිරිස ඇමතු ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේම කුමාර විජයවර්ධන මහතා පැවසීය.
මෙම අවස්ථාවට බෙන්තොට ප්‍රාදේශීය සභාවේ උප සභාපති ප්‍රසන්න ගුණවර්ධන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් වන ජේ.ඉඳුරුවගේ, තිලක් උපුල් චමින්ද, නදීෂාන් වික්‍රමරත්න යන මහත්වරුන් සමග පරිත්‍යාගශීලි ප්‍රේමරත්න මහතා,ඉන්ද්‍රලතා හේවාවිතාරණ මහත්මිය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝද සහභාගි වූහ.


