පාරිසරික ආරක්ෂණ බලපත්‍ර යනු 1988 අංක 56 සහ 2000 අංක 53 යන පනත් වලින් සංශෝධනය වූ 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතෙහි ප්‍රතිපාදන යටතේ වන නීතිමය මෙවලමකි. ඒ අනුව පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව කර්මාන්ත පවත්වා ගෙන යාම හා එමඟින් ජාතික පාරිසරික පනත යටතේ ප්‍රකාශ කර ඇති ප්‍රමිති හා උවමනා වලට අනුකූල නොවන ලෙස අපද්‍රව්‍ය බාහිර පරිසරයට බැහැර කිරීම, තැන්පත් කිරීම හෝ විමෝචනය කිරීම ජාතික පාරිසරික පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි. වැඩිදුර විස්තර මධ්‍යම පරිසර අධිකාරියේ වෙබ් අඩවිය හරහා දැනගැනීමට හැකිය. (www.cea.lk)
පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතු කර්මාන්ත/ ක්‍රියාකාරකම් (නියමිත ක්‍රියාකාරකම්) අංක 2264/18 සහ 2022.01.27 දිනැති ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. අදාල කර්මාන්ත/ ක්‍රියාකාරකම් ඒවායෙහි පරිසර දූෂණ විභවයේ ප්‍රමාණය මත අ, ආ ,ඇ සහ ඈ වශයෙන් ලේඛන අංක 2264/18 සහ 2022.01.27 හතරකට වර්ග කර ඇත.
මෙහි දී “ ඈ ’’ලේඛනයෙහි අන්තර්ගත වන කර්මාන්ත / ක්‍රියාකාරකම් සදහා වන පරිසර ආරක්ෂණ බලපත්‍ර (බල ප්‍රදේශය තුල) අප ප්‍රාදේශීය සභාව හරහා නිකුත් කෙරේ. තව ද කර්මාන්ත/ ක්‍රියාකාරකම් සම්බන්ධව පසු විපරම් කටයුතු, නීතිමය කටයුතු, පැමිණිලි සම්බන්ධ කටයුතු ආදිය ද සිදු කරනු ලැබේ. (මේ සඳහා සේවා ගාස්තුවක් සහ බලපත්‍ර ගාස්තුවක් අය කෙරේ.)
මෙලෙස ලබාගන්නා පරිසර ආරක්ෂණ බලපත්‍රය වසර 03 ක කාලයක් වලංගු අතර, වලංගු කාලය අවසන් වීමට මාස 03 කට පෙරාතුව නැවත අලුත් කර ගැනීම වෙනුවෙන් අයදුම් කල යුතුය.
කර්මාන්ත හිමියා විසින් දිගින් දිගටම පරිසර ආරක්ෂණ කොන්දේසි උල්ලංඝණය කරනු ලබන්නේ නම් නීතිමය පියවර ගනු ලැබේ.
- නීතිමය ක්‍රියාමාර්ග වල දී පහත දැක්වෙන නඩු නිමිත්ත කෙරෙහි අවධානය යොමු කෙරේ.
- පරිසර ආරක්ෂණ බලපත්‍රය අවලංගු කිරිම/ තාවකාලිකව අත්හිටුවීම
- පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට යොමු කර ඇති අයදුම්පත ප්‍රතික්ෂේප කිරීම
- පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කෙරෙන අභියාචනා විභාග කිරීම
- නීතිමය දැනුම්දීම් සිදු කිරිම
- නීතිමය කටයුතු වලට යොමු වීම
පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම සඳහා රැගෙන ආ යුතු ලේඛන
1. නිවරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය.
2. කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහනක්
3. කාර්යයේ යොදවන සේවක සංඛ්‍යාව පිළීබඳ විස්තර
4. ව්‍යාපාරය ලියාපදිංචිකිරීමේ සහතිකයේ,සහතික කළ පිටපතක්, (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ.)
5. ව්‍යාපාරය කරගෙන යන ස්ථානයට අයත් ඉඩමේ ඔප්පුවේ පිටපතක්, (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ.)
6. කර්මාන්තය/ව්‍යාපාරය කරගෙන යන තැනැත්තාට ඉඩමේ අයිතිය නොමැති නම්, අයිතිකරු සමඟ එළඹ ගත් ගිවිසුමක් වේ නම් එය හෝ ඉඩමේ අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියේ සහතික කළ පිටපතක් (බලපත්‍රය අලුත් කිරිමේදී අවශ්‍ය නොවේ)
7. ප්‍රාදේශීය සභාව/නාගරික සංවර්ධන අධිකාරිය ඉඩමේ අනුමත කළ මිනින්දෝරු සැලැස්මේ සහතික කළ පිටපතක්(බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
8. ප්‍රාදේශීය සභාව /අනුමත ගොඩනැගිලි සැලැස්මේ සහතික පිටපතක් (බලපත්‍රය අලුත් කිරීමක දී අවශ්‍ය නොවේ)
9. බලපත්‍ර බදු/ කාර්යාල බදු/වෙළඳ බලපත්‍රය(ගෙවන ලද රිසිට්පත්හි ඡායා පිටපත්)
10. දැව මඩුවක්/ ලී ඉරුම්හලක් නම් අඩවි වන කාර්යාලයෙන් ලබාගත් දැව ඉරුම් බලපත්‍රය.
අනතුරුදායක ගස්වලින් සිදුවන හානි වළක්වා ගැනීම.
අවට ඇති ගස්වලින් ඔබට ජීවිත හෝ දේපළ හානි (නිවාස, ගොඩනැගිලි ආදිය) සිදු වීමේ අවධානමක් ඇති අවස්ථාවල දී එම ඉඩම්වල හිමිකරුවන් දැනුවත් කළ ද, ඒ සඳහා ක්‍රියාමාර්ග නොගන්නා අවස්ථාවන් වලදී ඒ පිළිබඳව අප ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැනුම් දී (බල ප්‍රදේශය තුළ) ඒ සඳහා විසදුම් ලබා ගැනීමේ හැකියාව පවතී. මේ සඳහා රු. 500 ක සේවා ගාස්තුවක් අය කරන අතර අදාල අයදුම්පත මෙම වෙබ් අඩවියෙන් හෝ කාර්යාලයෙන් ලබා ගෙන එය සම්පූර්ණ කර ඔබ අයත් වන උප කාර්යාලයට හෝ ප්‍රධාන කාර්යාලයට ලබා දීමට හැකිය. අනතුරුව පරිසර විෂය නිලධාරී හරහා ඉදිරි කටයුතු සිදු කරනු ඇත.
සභාව සතු ක්‍රීඩා භූමි සහ යන්ත්‍රෝපකරණ ලබාදීම.
බෙන්තොට ප්‍රාදේශීය සභාව සතු යන්ත්‍රෝපකරණ හා ක්‍රීඩා භූමි සහනදායි මුදලට ඔබට ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ සඳහා අවශ්‍ය අයදුම්පත ප්‍රධාන කාර්යාලයෙන් හෝ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකිය.
යන්ත්‍රය | මිල ගණන් | |
---|---|---|
මිල ගණන් (අවමංගල්‍ය උත්සව සඳහා නොමිලේ) | ||
1 | 6000 L ජල බවුසරය එක් වාරයකට | රු. 8000.00 |
5000 L ජල බවුසරය එක් වාරයකට | රු. 7000.00 | |
4000 L ජල බවුසරය එක් වාරයකට | රු. 5500.00 | |
3000 L ජල බවුසරය එක් වාරයකට | රු. 4000.00 | |
2000 L ජල බවුසරය එක් වාරයකට | රු. 3000.00 | |
1000 L ජල බවුසරය එක් වාරයකට | රු. 1500.00 | |
ගලි බවුසරය | ||
2 | ගලි බවුසරය එක් වාරයකට – නේවාසික (බල ප්‍රදේශය තුළ බැහැර කිරීම) | රු. 5000.00 |
ගලි බවුසරය එක් වාරයකට – වාණිජ (බල ප්‍රදේශය තුළ බැහැර කිරීම) | රු. 10,000.00 | |
ඩ්‍රම් ට්‍රක් රථය | ||
3 | ඩ්‍රම් ට්‍රක් රථයක දිනකට – පැය 8 කට රියදුරු ඉන්ධන සහිතව (වැඩිවන සෑම පැයකට රු.1300 ක් අය කෙරේ) | රු.15,000.00 |
බැකෝ යන්ත්‍රය | ||
4 | බැකෝ යන්ත්‍රය (මීටර් පැයකට) | රු.5000.00 |
ක්‍රීඩා භූමි | ||
5 | සභාව සතු ක්‍රීඩා භූමි ලබා දීම (බෙන්තොට සහ හිපන්වත්ත ක්‍රීඩා භූමි) – දිනකට (වැඩිවන සෑම දිනකටම රු.500 බැගින් අය කෙරේ.) | රු. 1000.00 |
ආදාහනාගාරය වෙන්කරවා ගැනීම.
ආදාහන කටයුතු සඳහා බෙන්තොට ප්‍රාදේශීය සභාව සතු බෙන්තොට, මද්දෙවෙළ ඇති ආදාහනාගාරය වෙන්කරවා ගැනීමට හැකිය. ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා අයදුම්පත ප්‍රධාන කාර්යාලයෙන් හෝ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකිය.
බල ප්‍රදේශය තුල – රු. 5000.00
බල ප්‍රදේශයෙන් පිට – රු.10,000.00
ඉඩම් අනුබෙදුම් කිරීම, ඒකාබද්ධ කිරීම සහ සංවර්ධනය
බලපත්‍රයක් නොමැතිව කිසිදු පුද්ගලෙයකුට ඉඩම් අනුබෙදුම් කිරිමක්, ඒකාබද්ධ කිරීමක් හෝ සංවර්ධන කාර්යයක නිරත වීමක් සිදු කල නොහැක අතර එලෙස කිරීම නීති විරෝධි වන බැවින් ඒ සඳහා නිසි අනුමැතිය ලබා ගත යුතුය. ඒ සඳහා වන අයදුම්පත කාර්යාලයෙන් හෝ මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැක. මෙහි දී සේවා ගාස්තුව වශයෙන් රු. 500 ක මුදලක් අය කෙරේ.
ඉඩම් අනුබෙදුම් බලපත්‍ර ලබා ගැනීම සඳහා සඳහා ඉදිරිපත් කල යුතු ලේඛන
1. නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝග වල
(I) වන උප ලේඛනයේ ඉල්ලුම්පත්‍රය ( කාර්යාලයෙන් හෝ වෙබ් අඩවියෙන් ලබාගත හැක.)
2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කරන ලද පිටපතක්
3. සුදුසුකම් ලත් තැනැත්තෙකු විසින් සහතික කරන ලද ඉඩම අනු බෙදුමට හෝ ඉඩම් ඒකාබද්ධ කිරීමට අදාළ මිනින්දෝරු සැලස්මේ පිටපත් 3ක් (සංවර්ධනයේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවරෙක් ද යන්න සභවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකිය)
4. සංවර්ධන ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතන වලින් නිකුත් කරනු ලබන සහතික
5. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී හිමිකරුගේ නමින් අයදුම් කලයුතු අතර, අයදුම්පත්‍ර අත්සන් කිරීම සඳහා හිමිකරු නොවන අයෙකු වෙත ඇටෝනි බලපත්‍රයක් මඟින් බලය පවරා ඇති ලියවිල්ලක් ඉදිරිපත් කළ යුතුය.
6. නොතාරිස්වරයෙකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්
7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීම ද පෙන්නුම් කරන පරිදි අදින ලද දල රූප සටහනක්
8. වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියාපදිංචි කර තිබිය යුතුය.
ඉඩම් අනුබෙදුම් කිරීම, ඒකාබද්ධ කිරීම සහ සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය.
ගොඩනැගිලි ඉදිකිරීම, වෙනස් කිරීම සහ අලුත්වැඩියා කිරීම
බලපතයක් නොමැතිව කිසිදු පුද්ගලෙයකු විසින් කිසියම් සංවර්ධන කටයුත්තකට අදාළ යම් ගොඩනැගිල්ලක් ඉදිකිරීම, වෙනස්කිරීම සහ අළුත්වැඩියා කිරීම සිදු නොකළ යුතුය. එලෙස කිරීම නීති විරෝධි වන බැවින් ඒ සඳහා නිසි අනුමැතිය ලබා ගත යුතුය. මේ සඳහා වන අයදුම්පත කාර්යාලයෙන් ලබා ගත යුතු අතර ඒ සඳහා රු.500 ක සේවා ගාස්තුවක් අය කෙරේ.
ගොඩනැගිලි බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කල යුතු ලේඛන
1. නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල
(I) වන උපලේඛනයේ ඉල්ලුම්පත්‍රය හෝ නාගරික සංවර්ධන ප්‍රදේශ නොවන විට සභාවෙන් ලබාගත් ඉල්ලුම්පත්‍රය
2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ සහතික කරන ලද පිටපතක්
3. සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 03 (ඉදිකිරීමේ ස්වභාවය අනුව අදාළ වන සුදුසුකම් ලත් තැනැත්තා කවුද යන්න සභාවේ වෙබ් අඩවියෙන් හෝ පෙරටු කාර්යාලයෙන් දැන ගැනීමට හැකිය)
4. ගොඩනැගිල්ල ඉදිකරනු ලබන ඉඩමේ අනුමත මිනින්දෝරු සැලැස්මේ පිටපතක්
5. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ස්වභාවය අනුව ඉල්ලුම්පත්‍රයේ සඳහන් කර ඇති ආයතන වලින් නිකුතු කරනු ලබන සහතික
6. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ඇටෝනි බලපත්‍රය
7. ඉඩම පිහිටි ස්ථානයට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවට පිහිටීමද පෙන්නුම් කරන පරිදි අදින ලද දළ රූපසටහනක්
8. නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක් වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වනවිට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතුය.
ගොඩනැගිලි ඉදිකිරීම, වෙනස් කිරීම සහ අලුත්වැඩියා කිරීමේ ක්‍රියාවලිය
ගොඩනැගිලි සීමා නොපරවා ගැනීමේ සහතිකය ලබා ගැනීම.
ගොඩනැගිල්ලක් සෑදීමේ දී මාර්ගය මැද සිට ගොඩනැගිලි සීමාව දක්වා තැබිය යුතු ඉඩ ප්‍රමාණය පිළිබඳ දෙනු ලබන සහතිකයයි. මාර්ගවල ස්වභාවය අනුව තැබිය යුතු ඉඩ ප්‍රමාණය වෙනස් වේ.
ගොඩනැගිලි සීමා නොපරවා ගැනීම සඳහා ඉදිරිපත් කල යුතු ලේඛන
1. නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍රය
2. ඉඩමට අදාල මිනින්දෝරු සැලස්මේ පිටපතක්
3. ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවකදී ඉඩම් හිමිකරුගේ කැමත්ත ප්‍රකාශිත ලිපිය
4. ඔප්පුවේ පිටපත
5. සභාවට අය වීමට ඇති සියලු මුදල්ගෙවා අවසන් කර තිබිය යුතුය
ඒ සඳහා වන අයදුම්පත කාර්යාලයෙන් හෝ මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැක. මෙහි දී සේවා ගාස්තුව වශයෙන් රු. 500 ක මුදලක් අය කෙරේ.