දකුණුලක මුවදොර නමින් විරුදාවලියලත් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් ඓතිහාසික වටිනාකමකින් ද පරිපූර්ණ වූ බෙන්තොට පුරවරය සමාජ ආර්ථික හා සංස්කෘතිකමය වශයෙන් ද සුවිශේෂී බල ප්රදේශයකි.
මෙවැනි සමාජ පසුබිමකින් හෙබි බල ප්‍රදේශයේ ජනතාවගේ පොදු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි ප්‍රාදේශීය සභාව විසින් ඉටුකරන මෙහෙය හා කාර්යභාරය ඉමහත්ය. බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සුඛවිහරණය උදෙසා අවශ්‍ය කරන පරිසරයක් ගොඩනැගීම යන අරමුණු පෙරදැරි කරගනිමින් බලප්‍රදේශය තුළ භෞතික සැලසුම්, මංමාවත්, පොදු උපයෝගීතා සේවා හා සෞඛ්‍ය සේවා සංවර්ධනය කිරීමට වැඩි අවධානයක් යොමුකර අපගේ දැක්ම හා මෙහෙවර ඵලදායීව ඉටුකර ගැනීමටත් කාර්යක්ෂම ලෙස ඒ කරා යොමු කරවීමත් මාගේ අරමුණ වේ.
මෙම අරමුණූ සාක්ෂාත් කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය පදනම් කරගත් සේවාවන් කෙරෙහි යොමු වීම අප සභාවේ අභිප්‍රාය වන අතර එහි එක් පියවරක් ලෙස, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ (දකුණු පළාත) සම්බන්ධීකරණය හරහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රි ලංකා ආයතනයේ අනුග්‍රහය සමඟින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කල අතර ඒ හරහා ඔබ වෙත තාක්ෂණය පෙරදැරි සේවාවක් ලබා දීමට හැකි වීම අප ප්‍රාදේශීය සභාව ලද භාග්‍යයකි.
පී.එච්.ටී.කේ. හේමචන්ද්‍ර
ලේකම්,
බෙන්තොට ප්‍රාදේශීය සභාව