ප්‍රාදේශීය සභාව තුළ ක්‍රියාත්මක කමිටු.
ආයතනයේ කටයුතු විනිවිධ භාවයෙන් හා නිවැරැදි ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා ඒ ඒ කාර්යයන්ට අදාළව සමාජකයින්ගෙන් සැදුම්ලත් විවිධ කමිටු ක්‍රියාත්මක අතර පළාත් පාලන ආයතන විසුරුවා ඇති අවස්ථාවක නිලධාරීන් මෙහි සමාජිකයින් වන අතර, විසුරුවා නැති අවස්තාවන්හි දී සභාපති ඇතුළු මන්ත්‍රී මණ්ඩලයෙන්ද සමාජිකයින් පත් කෙරේ.
1. කාර්මික සේවා කමිටුව
ආයතනයේ කර්මාන්ත සම්බන්ධව ඇස්තමේන්තු නිර්දේශ කිරීම, ගෙවීම නිර්දේශ කිරීම හා කර්මාන්ත සිදු කිරීමට අදාළ වන ප්‍රතිපත්තිමය තීරණ නිර්දේශ කිරීම සඳහා කාර්මික සේවා කමිටුව ක්‍රියාත්මක වේ.
2. නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුව
ආයතනයේ නිවාස හා ප්‍රජා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වන උපදෙස්, මඟ පෙන්වීම හා නිර්දේශ ලබා දීම සඳහා නිවාස හා ප්‍රජා සංවර්ධන කමිටුවේ ක්‍රියාත්මක වේ.
3. පරිසර සේවා පහසුකම් කමිටුව
ආයතනයේ පරිසර සේවා පහසුකම් සම්බන්ධයෙන් අවශ්‍ය වන උපදෙස්, මඟ පෙන්වීම හා නිර්දේශ ලබා දීම සඳහා පරිසර සේවා පහසුකම් කමිටුව ක්‍රියාත්මක වේ.
මුදල් හා ප්‍රතිපත්ති කමිටුව
ආයතනයේ සියලු වියදම් නිර්දේශ කිරීම, ප්‍රතිපත්තිමය කරුණු නිර්දේශ කිරීම හා ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් හා අනුෂාංගික කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය වන උපදෙස්, මඟ පෙන්වීම හා නිර්දේශ ලබා දීම සඳහා මුදල් හා ප්‍රතිපත්ති කමිටුව ක්‍රියාත්මක වේ.
4. ප්‍රසම්පාදන කමිටුව
භාණ්ඩ, වැඩ හා සේවා ප්‍රසම්පාදනයෙහි ලා ප්‍රතිපත්ති ප්‍රවර්ධනය, ක්‍රියාත්මක කිරීම, සමාලෝචනය සහ අනුමැතිය ලබාදීම සඳහා මෙම කමිටුව ක්‍රියාත්මක වේ.