දකුණු පළාත සහ බස්නාහිර පළාත එකතු කරන බෙන්තොට පාලම පසු කර දකුණු දෙසට මීටර් තුන්සීයක් පමණ පැමිණෙන විට වම් පසින් බෙන්තොට රවුම් පාර හෙවත් රජ මාවත මුන ගැසෙන්නේය. ඒ මාර්ගයේ තවත් මීටර් සියයක් පමණ ගිය තැන වම් පසින් විහාරය දැක ගත හැක.
කුඩා කඳු ගැටයක් මත්තේ මනරම් පරිසරක උඩකොටුව රජ මහා විහාරය පිහිටා ඇත. කඳු මුදුනේ සිට හාත්පස නිරීක්ෂණය කරන කල්හි එහි නුදුරින් ගලා බසිනා සුන්දර බෙන්තර ගඟ හා දකුණු ලකට පිවිසෙන බෙන්තර පාලම දැක ගත හැකය. එමෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමදව ලද ස්ථානයකි. ගඟෙහි අද්දරට වෙන්න ඉදිකර ඇති සිවිසල් බුද්ධ ප්රතිමා වහන්සේ කාගෙත් ගෞරව ආදරයට පාත්ර වූ ස්තානයකි.
දුටුගැමුණු රජුගේ අවෑමෙන් පසු රජ කමට පත් වූ ඔහුගේ සහෝදර සද්ධාතිස්ත රජු මෙම විහාරස්ථානයේ ආරම්භක පුරෝගාමියා බැව් පැරණි පොත පතෙහි සඳහන්ය. එමෙන්ම 1505 පසු විටින් විට විදේශීය ආක්රමණවල බලපෑමට ලක් වී ඇති බව සඳහන් වේ. මෙහි ඇති බෝධි රාජයානන් වහන්සේට ද දිගු ඉතිහාසයක් ඇත.
උඩුකොටුව බෝධි සමීප බෙන්තොට රජමහා විහාරය.
May 30th, 2023