බෙන්තොට ගනේ පුරාණ රජමහා විහාරය.

බෙන්තොට ගනේ පුරාණ රජමහා විහාරය.

ගලපාත විහාරය පසුකර රවුම්පාර ඔස්සේ තවත් කිලෝ මීටර දෙකක පමණක් දුර ගිය විට පංච මහා විහාරයන්ගෙන් අනෙක් විහාරය වන බෙම්තොට ගනේ රජමහා විහාරය හමු වේ. කඳු ගැටයක් මත ගොඩ නැගුණු මෙම විහාරය කාගෙත් සිත් ඇඳ බැඳ ගන්නා මනස්කාන්ත පරිසරයක පිහිටා ඇත. දිගු ඉතිහාසයක් උරුමකම් කියන මෙම විහාරයේ පෞරාණික වටිනාකම අති මහත්ය. ඈත අතීතයේ පර සතුරු ආක්‍රමණ හේතුවෙන් විනාශයට ලක් වුවද පසුකල නැවත එය ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙහි ඇති පුරාණ බෝධීන් වහන්සේ තවමත් එලෙසින් දැක ගත හැකි අතර ප්‍රදේශයේ ජනතාව නොමදව බෝධීන් වහන්සේ උදෙසා පුද සත්කාර කරනු ලබයි.

May 30th, 2023