ඝණ අපද්‍රව්‍ය කලමනාකරණය

ඝණ අපද්‍රව්‍ය කලමනාකරණය

බෙන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවිත්‍රතාව පවත්වා ගැනීම සඳහා බල ප්‍රදේශය තුළ ඇති නිවෙස්, රජයේ ආයතන, ව්‍යාපාරික ස්ථානවල එක් රැස්වන කැළි කසළ එකතු කිරීම් දෛනිකව සිදු කරන අතර ඒ සඳහා සේවක මහතුන් මෙන්ම කැළි කසල එකතු කිරීමේ යන්ත්‍ර ද යොදවා ඇත. බල ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර ඒවා විධිමත්ව බැහැර කර ප්‍රදේශය පිරිසුදුව තබා ගැනීමත් ඒ හරහා වසංගත රෝග ව්‍යාප්තිය අවම කර ජනතාවට සුව සේ ජීවත් වීමට අවශ්‍ය වටපිටාවක් සකසා දීම සභාව වගකීමක් කොට සලකා ඉටු කරනු ඇත. දෛනිකව මෙම කටයුතු සිදු කරන අතර මාර්ග දෙපස පිරිසිදු කිරීම් කටයුතු ද විශාල සේවක සංඛ්‍යාවක් යොදාගෙන සිදු කරනු ලැබේ.